January 19, 2022

Ada Rata

All news in one location

කැරොලයින් ගේ කිරුළ භාරදීම නාටකයක් ද ? චන්දිමාල් ජයසිංහ ඇත්ත හෙළි කරයි


2020 ලෝක රූ රැජිණ ලෙස අභිෂේක ගැන්වූ කැරොලයින් ජුරි විසින් සිය කිරුළ යලි භාර දෙන බවට ඊයේ වීඩියෝ පටයක් නිකුත් කරමින් සිදුකළ ප්‍රකාශය සියලු දෙනා නොමග යවන සුළු ප්‍රකාශයක් බවට පත්ව ඇති බවට වැටහෙන සිදුවීමක් වී තිබෙනවා. ඒ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පියෙකු මෙන්ම ලෝක විවාහක රූ රැජිණ තරග සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් නිසායි.

” වැරදි වැටහිමක් පමනක් සමාජගතවමින් ඇත.
මේ කියන්නේ , නුදුරේදීම මෙරටදී පැවැත්වෙන Mrs. World තරඟයේදී සම්මතය පරිදි කිරුළ ඊලඟ ජයග්‍රාහිකාවට පළඳවන බව මිස පසුගියදා සිදුවීම නිසා කිරුළ අත් හරින බව නොවේ.” චන්දිමාල් ජයසිංහ සිය ෆේස්බුක් ගිණුමේ කැරොලයින් ජුරිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සටහන් කර තිබුනේ මෙවන් සටහනක්.

ඒ අනුව පසුගියදා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී සිදුවූ සිදුවීම අරභයා කැරොලයින් ජුරි සිය කිරුළ අත්හැරීමක් සිදුකොට නොමැති අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත Mrs. World තරගයේදී ජයග්‍රාහිකාව වෙනුවෙන් සිය කිරුළ ලබාදීම උදෙසා ඇය සිය කිරුළ භාරදී ඇති බවයි පෙනී යන්නේ.

ලෝක විවාහක රූ රැජිණ ලෙස රටට කීර්තියක් ගෙනා කැරොලයින් ජුරි, ඇය විසින් පසුගියදා සිදුකළ ක්‍රියාව හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තරය හමුවේද ශ්‍රී ලංකාවට දැඩි අපහාසයක් එල්ලවී තිබෙන්නේ විදෙස් මාධ්‍ය තුලද මෙම සිදුවීම ප්‍රචාරය වීමත් සමගයි.



Source link