December 4, 2021

Ada Rata

All news in one location

කාසල්රි ජලාශය පිටාර මට්ටමට පැමිණේ


ගිනිගත්හේන ප්‍රදේශයට මේ දිනවල ඇද හැලෙව අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ සදසිරිගම ප්‍රදේශයට පිවිසෙන මාර්ගයේ කොටසක් ඊයේ (08) දින රාත්‍රියේ නායයාමට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව පිඩාවට පත් වි ඇති බවත් නායගිය පස් කන්ද හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසුවා.

ගිනිගත්හේන සදසිරිගම ප්‍රදේශයේ පවුල් 60 ක් පමණ ජිවත්වන බවත් එම ගම්මානයට පිවිසිමට තිබු එකම මාර්ගය නායයාම නිසා තමන් දැඩි පිඩාවට පත් වි සිටින බවයි එම ගම්මානයේ පදිංචිකරුවන් කියා සිටියේ.

නාය ගිය මාර්ගයේ තවත් කොටසක් නායයාමට සක්‍රිය වි ඇති බවත්, නායගිය ස්ථානයේ පස් කදු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතිරුවකට පමණක් සිමා කර ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවසුවා.

පවතින වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙලදසැලක ගොඩනැගිල්ලක බිත්ති කිහිපයක්ද ඊයේ (08) දින කඩා වැටුණු බවත් ඉන් කිසිවෙකුට අනතුරක් සිදු වි නොමැති බවත් ගිනිගත්හේන පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජලපෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය පිටාර මට්ටමට ඉතා ආසන්න වි තිබෙනවා.

අද (09) දිනයෙත් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකටම අධික වැසි ලැබෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කළා. (colombotimes.lk)

Viber



Source link