October 27, 2021

Ada Rata

All news in one location

කාබනික වගාව ඉහළ නැංවීමට අගමැතිවරයා සමඟ සාකච්ඡා


නිරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමුවීම කාලීන අවශ්‍යතාවක් බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළේ කාබනික වගාව සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති විද්වත් හමුවකට එක්වෙමින්.

ගොවීන් තුළ කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් වැරදි මතවාදයක් නිර්මාණය කර ඇතැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පාසල් සහ පන්සල් කේන්ද්‍ර කරගනිමින් කාබනික වගාවට දරුවන් සහ ජනතාව හුරු කරවීම සඳහා අදාළ අමාත්‍යංශ සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන්නැයි අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

වී සහ තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මේ වන විට රටතුළ පවතින බව නිලධාරීන් එහිදී ප්‍රකාශ කළා.

ඔවුන් පෙන්වා දුන්නේ වෙළෙඳුන් සහ අපනයනකරුවන් පොහොර වෙළෙඳ පොළට නිකුත් නොකර බොරු පොහොර හිඟයක් නිර්මාණය කරමින් සිටින බවයි.

විදෙස් තානාපති කාර්යාල 12 ක් පමණ කාබනික වගාවට අවශ්‍ය සහාය දීමට එකඟ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ සැප්තැම්බර් මාසය වන විට කාබනික වගාවට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර අවසන් කරන බවයි. (colombotimes.lk)



Source link