October 27, 2021

Ada Rata

All news in one location

කාබනික ආහාර ගන්න අය තමයි රසායනික පොහොර වෙනුවෙන් වැඩිපුර පෙනී ඉන්නේ



රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වා දී 100% කාබනික ගොවිතැන රටපුරා ප්‍රචලිත කිරීම හදිසියේ ගත් තීරණයක් නොව පසුගිය ජනාධිතිවරණයේදී ජනතාව හමුවේ තැබූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු ප්‍රධාන‍ පොරොන්දුවක් බව ජනාධිපති ගේඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එසේම මීට පෙර විවිධ අවස්ථාවලදී කාබනික ගොවිතැන පිළිබඳව කතාබහට ලක් වූ බවත්, තමා සිදු කරන්නෙ එහි ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීම බවත් රාජප්කෂ මහතා සඳහන් කරනවා.

100% ක් කාබනික පොහොර භාවිතා කරන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සම්බන්ධයෙන් විවිධ රටවලින් පැසසුම් ලැබී තිබියදී රටතුළ කාබනික පොහොර යොදා නිෂ්පාදනය කළ ආහාර පරිභෝජනය කරන ඇතැම් පුද්ගලයන් පවා රසායනික‍ පොහොර වෙනුවෙන් පෙනී සිටිමින් කාබනික වගාව අධෛර්යමත් කිරීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

කාබනික වගාව ප්‍රචලිත කිරීම විධිමත් වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක වන බැවින් කිසිසේත්ම ඒ සම්බන්ධයෙන් බිය වියයුතු නොමැති බවත්, රසායනික පොහොර වෙනුවෙන් විදෙස් රටවලට ඇදීයන මුදල් භාවිතා කර රටට අවශ්‍ය කාබනික පොහොර රට තුළම නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවත් රාජපක්ෂ මහතා අවධාණය කරනවා.

UN




Source link