October 17, 2021

Ada Rata

All news in one location

ක්‍රීඩකයන් 13ක් ජෛව බුබුලකට




– 1 07 2021
– 16:05
– {{hitsCtrl.values.hits}} views

– ..




කොන්ත්‍රාත් හිමි වූ ක්‍රීඩකයින් එම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම යළිත් ප්‍රතික්ෂේප කළහොත් මෙම ක්‍රීඩකයින් එම තරගාවලි සදහා නම් කිරීමේ අටියෙන් එළඹෙන ඉන්දීය තරගාවලි වෙනුවෙන් පුහුණුවීම් කටයුතු සිදු කිරීම සදහා කොළඹ ප්‍රධාන හෝටලක ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කෙරුණු ක්‍රීඩකයින් ගණන මේ වන විට 13 දෙනෙකුට වැඩි බව වාර්තා වෙයි.

ජෛව බුබුලට ඇතුලත් කර සිටින ක්‍රීඩකයින් වන්නේ,

  • අශාන් ප්‍රියංජන්
  • ලහිරු ගමගේ
  • රොෂේන් සිල්වා
  • ප්‍රභාත් ජයසුරිය
  • ලහිරු මදුෂංක
  • මලින්ද පුෂ්පකුමාර
  • මිලින්ද සිරිවර්ධන
  • අසේල ගුණරත්න
  • ඇන්ජලෝ පෙරේරා
  • සදුන් වීරක්කොඩි
  • දිල්ශාන් මුණවීර
  • චතුරංග ද සිල්වා
  • ජෙෆ්රි වැන්ඩසේ

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව ති​බේ.





Source link