October 20, 2021

Ada Rata

All news in one location

ක්‍රීඩකයන් හිතාමතාම දුර්වලව ක්‍රීඩා කළ බවට වන චෝදනා SLC ප්‍රතික්ෂේප කරයි




– 16 09 2021
– 13:15
– {{hitsCtrl.values.hits}} views

– ..




දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් පූර්ණ කැපවීමක් හෝ හිතාමතාම ක්‍රීඩාංගණයේ දුර්වල ක්‍රීඩා විලාශයක් දැක්වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජාතික සංචිතයේ කිසිදු ක්‍රීඩකයෙකුට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවැනි පැමිණිල්ලක් ‘කණ්ඩායම් කළමනාකරණය’ වෙතින් ලැබී නොමැති බවද ක්‍රිකට් ආයතනය පවසයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ජයග්‍රහණය කළ කණ්ඩායමම මෙම තරගාවලියට ක්‍රීඩා කළ බවත් ක්‍රිකට් ආයතනය පවසයි.

මෑත කාලීනව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වැදගත් තරඟ ජයග්‍රහණය කරමින් නිවැරදි මාවතට ගමන් කරමින් ඉදිරියට යන බව රසිකයන් විසින් අවබෝධ කරගෙන පිළිගෙන ඇති බවද ක්‍රිකට් ආයතනය පවසයි.

එම නිසා, අසත්‍ය හා ගොතන ලද ප්‍රවෘත්ති පළ කිරීමෙන් වළකින ලෙසත් සදාචාරාත්මක පුවත්පත් කලාව අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ඉල්ලා සිටියි.

තීරණාත්මක  විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත හෙයින් මෙවැනි ප්‍රවෘත්ති ජාතික කණ්ඩායමේ සූදානම අස්ථාවර කර විනාශ කරන බවද ක්‍රිකට් ආයතනය  පවසයි.

කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන්ගේ  කැපවීම හා ආශාව මෑතකදී  පැවැති තරගවවලදී දක්නට ලැබුණ බවත් මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා කිරීමෙන් ඔවුන්ගේ මානසික තත්ත්වයටද බලපෑම් එල්ල කරන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 





Source link