October 17, 2021

Ada Rata

All news in one location

කළු දිලීර ආසාදිත දරුවන් තිදෙනෙක් ඉන්දියාවෙන්


ඉන්දියාවේ මුම්බායි නුවරින් කළු දිලීර ආසාදිත ළමුන් තුන්දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අවුරුදු 4, 6 සහ 14 යන වයස්වල පසුවන දරුවන් තුන්දෙනෙකු එම රෝගයට ගොදුරු වී ඇති බවයි.

සැත්කමකින් එම දරුවන්ගේ ඇස් ඉවත් කිරීමට සිදුව ඇත්තේ ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්.

14 හැවිරිදි දරුවා දියවැඩියා රෝගයෙන් පෙළීම හේතුවෙන් ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් මුදා ගැනීමට ඇස් ඉවත් කර තිබෙනවා.

ආසාදිතයින්ගේ කළු පැහැ ගැන්වුණු ඇස් එලෙස ඉවත් කෙරෙන්නේ මොළයට හානි වීම වැළැක්වීම සඳහායි.

ඉන්දියාවෙන් මේ වන විට කළු දිලීර ආසාදිතයින් තිස් දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.(colombotimes.lk)



Source link