November 29, 2021

Ada Rata

All news in one location

කරන්නාගොඩ නඩුවෙන් නිදහස් කිරීමට එරෙහි පෙත්සම ඉවතට



තරුණයින් 11 දෙනෙකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනුකර තිබුණු අධිචෝදනා නීතිපතිවරයා විසින් ඉවත් කරගැනීමට එරෙහිව අතුරුදන්වූ තරුණයින්ගේ මව්වරුන් ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබුණු පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (10) තීරණය කළා. 

ඒ, නඩු පැවරීමට සහ ඉවත් කරගැනීමට නීතිපතිවරයාට අභිමතානුසාරී බලයක් ඇති බව පවසමින්. 

මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද්දේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින්. 

RN




Source link