January 24, 2022

Ada Rata

All news in one location

කඳුලෙන් අවසන් වූ සරුංගල් යැවීමේ ප්‍රීතිය


ගාල්ල, මකුළුව ප්‍රදේශයේ අලුතෙන් ඉදි කරන තෙමහල් ගොඩනැගිල්ලක තුන් වන මහලේ සරුංගල් යවමින් සිටි තිදෙනෙකු ඉන් බිම ඇද වැටී මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, 41 හැවිරිදි පුද්ගලයෙකු, ඔහුගේ 5 හැවිරිදි පුත්‍රයා සහ 43 හැවිරිදි තවත් පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මොවුන් තිදෙනා අදාළ ගොඩනැගිල්ලේ තුන් වන මහලේ ඇති ඇස්බැස්ටෝස් සෙවිලි යොදා ආවරණය කරන ලද විවෘත ස්ථානයක නැගී සරුංගල් යවමින් සිට ඇති අතර එම අවස්ථාවේ ඔවුන්ගේ බර දරා ගත නොහැකිව ඇස්බැස්ටෝස් තහඩුව කඩා වැටීමෙන් බිම ඇද වැටී ඔවුන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් තිදෙනා සමග තවත් කුඩා දැරියක ද සිට ඇති අතර ඇය සිට ඇත්තේ අදාළ ඇස්බැස්ටෝස් මත නොවන බවත් ඒ හේතුවෙන් ඇයට අනතුරක් සිදුවී නොමැති බවයි සිදුකළ මුලික විමර්ශන වලින් හෙළිවී ඇත්තේ.

එම ස්ථානය වට කර බැම්මක් බැඳ තිබී ඇති අතර වැසි වතුර හේතුවෙන් බිම් මහල තෙමීම වැළැක්වීම සඳහා මෙලෙස එම විවෘත ස්ථානය ඇස්බැස්ටෝස් තහඩු යොදා ආවරණය තිබී ඇත.

ගාල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

 

 

The post කඳුලෙන් අවසන් වූ සරුංගල් යැවීමේ ප්‍රීතිය appeared first on Mawurata.lk.



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq