October 17, 2021

Ada Rata

All news in one location

කථානායක ගේ නිවස අසල ඩ්‍රෝන කැමරා යැවු තරුණයා අත්අඩංගුවට


කතානායක මහින්ද යාපා අබේවර්ධන පදිංචිව සිටින දෙහිවල නිවස ආසන්නයේ අහසේ ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කළ බව කියන විසි දෙහැවිරිදි තරුණයකු දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙහිවල පොලිස් වසමේ රොබට් පාර ප්‍රදේශයේ දී මෙම තරුණයා විසින් ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කරමින් ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගන්නා බවට ලද තොරතුරක් මත ඩ්‍රෝන කැමරාව ද සමග සැකකරු පසුගිය 15 දා සවස අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.

අදාළ ඩ්‍රෝන කැමරාව ග්‍රෑම් 248ක බරකින් යුක්තව ඇති අතරම එය උපයෝගී කරගෙන සැකකරු යම් අපරාධයක් කිරීමට සැලසුම් කළේද යන වග සොයා ගැනීම සඳහා දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.



Source link