October 27, 2021

Ada Rata

All news in one location

“ඖෂධ නියාමන අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යවරයා භාරයට පත්කරන්න” – රවී කුමුදේශ්


ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ ගැටලුව විසඳනතෙක් ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා ඖෂධ ලියාපදිංචිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් එහි බලතල ඉවත් කරන ලෙස සෞඛ්‍ය වෘර්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

වැඩි දුරටත් අදහස් දක්වමින් එහි සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ මෙය කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යටතට පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාම ඖෂධ මාෆියාවේ කොටසක් බව පැහැදිලිව දැකගැනීමට හැකිව තිබියදී එය දේශපනල ගැටළුවක් බවට පත් කර ගැනීමට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා උත්සහ ගන්නා බවයි.

මෙය බලවත් සැකයකට තුඩුදෙන හේතුවක් බවත් ඖෂධ නියාමන අධිකාරියේ ගැටලුවට ස්වාදීන පරීක්ෂණයක් කිරීමට උත්සහ නොගන්නා බව පැහැදිලිව දක්නට ලැබෙන බවත් ඔහු සඳහන් කළා. (colombotimes.lk)

Viber



Source link