October 19, 2021

Ada Rata

All news in one location

ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු ගෙන්වා මැද පෙරදිගට ප්‍රති අපනයනය කිරීමේ ව්‍යාපෘතියකට නාමල් මුලපුරයි



කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයනය කිරීමේ කාර්මික ජනපදයක් වැලිපැන්න ප්‍රදේශයේ ස්ථාපිත කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

එහි ආරම්භක ආයෝජනය වශයෙන් ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු, බාර්ලි වැනි ධාන්‍ය වර්ග තොග වශයෙන් ආනයනය කරන කොට අගය එකතු කරමින් ආසියානු, අප්‍රිකානු සහ මැද පෙරදිග රටවලට ප්‍රති අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්. 

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වෙළඳ අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර ඉදිරියේදී දෙස් විදෙස් ආයෝජකයින් සඳහා එය විවෘත වනු ඇති. 

වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුම අසල කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයන කාර්මික ජනපදය පිහිටුවීමට යෝජිත භූමියේ නිරීක්ෂණය චාරිකාවක පසුගිය 15 වනදා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිරත වූ අතර ඊට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය. 

RN




Source link