January 26, 2022

Ada Rata

All news in one location

ඕමික්‍රෝන් රැල්ලක් රට තුළ මතුවීමේ අවධානමක් ගැන අනතුරු ඇඟවීමක්


ඕමික්‍රෝන් වෛරස් රැල්ලක් රට තුළ මතුවීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

අද වන විට යුරෝපයේ බොහෝ රටවල ඕමික්‍රෝන් රැල්ලක් දක්නට ලැබෙන බවයි අද (07) අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

එපමණක් නොව, පළමු මාත්‍රා දෙකෙන් මාස හයකට පසු ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වන බව පර්යේෂකයන් සොයාගෙන ඇති බවත්, බූස්ටර එන්නත බහුතරයක් ලබා නොගතහොත් රට මෙම ඕමික්‍රෝන් රැල්ලට කොටු වීමේ අවදානමක් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)

Viber



Source link