December 4, 2021

Ada Rata

All news in one location

ඔස්ට්‍රියාව දින 10ක​ට සම්පූර්ණයෙන් ලොක්ඩවුන් වෙයි!



ඔස්ට්‍රියාව ලබන සදුදා සිට දින 10ක කාලයක් සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කිරීමට එරට රජය තීරණය කර ඇත. 

මීට ඉහතදී එරට මාධ්‍ය වර්තා කළේ ඔස්ට්‍රියාවේ ප්‍රාන්ත 2ක් පමණක් සම්පූර්ණයෙන් ලොක්ඩවුන් වන බව පමණි. 

එරට චාන්ස්ලර් ඇලෙක්සැන්ඩර් ෂැලන් බර්ග් සදහන් කරන්නේ රට තුල එන්නත්කරණය විධිමත් කිරිමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. සෑම පුරවැසියෙක්ම කොරෝනා මර්ධන එන්නත ලබා ගත යුතුයි යන්න ලබන වසරේ පෙබරවාරි පලමුවැනිදා සිට එරෙට නීතියක් බවට පත් කිරීමටයි යෝජනා වි ඇත්තේ.

ගෙවී ගිය දින කිහිපය තුළදී ඔස්ට්‍රියාවෙන් ආසාදිතයන් වාර්තා විම විශාල වශයෙන් ඉහළ ගිය බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සෑම පුරවැසියෙක්ම කොරෝනා මර්ධන එන්නත ලබා ගත යුතුයි යන්න ලබන වසරේ පෙබරවාරි පලමුවැනිදා සිට එරෙට නීතියක් බවට පත් කිරීමටයි යෝජනා වි ඇත්තේ.

මේ අතර ඉහල යන කොරෝනා ආසා​දියන් හමුවේ යුරෝපානු රටල් කිහිපයක්ද මේ වන විට අර්ධ වශයෙන් ලොක්ඩවුන් කිරිමේ පියවරට එළැඹ තිබේ. පසුගිය සතිය තුළ ගෝලීය කෝවිඩ් ආසාදිතයන්ගෙන් හරි අඩක් පමණ වාර්තා වූයේ යුරෝපයෙනි. එසේම කෝවිඩ් මරණවලින් ද හරි අඩක් වාර්තා වූයේ යුරෝපයෙනි.

පෙර පුවත්: යුරෝපයට කෝවිඩ් 4 වන රැල්ල – ඔස්ට්‍රියාවේ ප්‍රාන්ත දෙකක් ලබන සතියේ සිට ලොක්ඩවුන්




Source link