October 17, 2021

Ada Rata

All news in one location

ඔලිම්පික් පෙරවදන


2020 ගිම්හාන ඔලිම්පික් උණුසුම මෙවර 2021 වසරේ පැවැත්වෙන්නේ 1896 ආරම්භ වන ඔලිම්පික් ඉතිහාසයේ සිව් වන වරට ඔලිම්පික්  උළෙලක් කල් දැමීමේ අවස්ථාව ට  මුහුණ දෙමිනු යි.ඒ 1916,1940 සහ 1944 ඔලිම්පික් තරඟ නොපැවත්විමෙන් අනතුරුව යි.කෙසේ වෙතත් මෙවර යෝජිත රට වන ජපානයේ ටෝකියෝ නුවර දී ම එය ආරම්භ වන හෙයින් පෙර අවස්ථා ත්‍රිත්වයට වඩා  අදාළ සත්කාරක රට ට යම් සහනදායි සැනසිල්ලක් ලැබේ.

ඔලිම්පික් තරඟ වලදී විශේෂ ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහ අවධානයක් යොමුවන්නේ මලල ක්‍රීඩා තරඟ වලටයි.එයින් ද කෙටි දුර ධාවන තරඟ ප්‍රධාන වැදගත්කමක් ගනු ලබනවා.මීටර 100 නොඑසේනම් ලෝකයේ වේගවත්ම මිනිසා සහ ගැහැණිය බිහි වන්නේ ඔලිම්පික් තරඟාවලිය තුළ යි.එම කිරුළ  ලබා ගන්නට බොහෝ  ජව සම්පන්න තරඟකරුවන්  උරෙනුර ගැටී සටන් කරනවා.

මීටර 100
කාන්තා මීටර 100 ජයග්‍රහණ  ගොන්නක් ඇති ක්‍රීඩිකාවන්  කීප දෙනෙක් මෙවර කෙටි දුර කිරුළට ඉව අල්ලමින් තිබෙනවා.

ඩීනා අෂාර් ස්මිත්

ඇය  බ්‍රිතන්‍ය යේ  මෑතක දී බිහි වූ දක්ෂතම කෙටි දුර ධාවන ශුරියයි.2019 ලෝක මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර 200 රන් පදක්කමත්,මීටර 100 රිදී පදක්කමත් සහ 100x 4 රිදී පදක්කමටත් දායක වූ ඇය එම තරඟාවලි ඉතිහාසයේ බ්‍රිතාන්‍ය වෙනුවෙන් පදක්කම් ත්‍රිත්වයක් දින ගත එකම ක්‍රීඩිකාව බවට පත්  උණා.ඇය  මෙවර ඔලිම්පික් තරඟාවලියේ  බොහෝ දෙනාගේ අවධනය දිනාගත් ක්‍රීඩිකාවක් බව ට  පත්ව තිබෙනවා.

ෂෙලී ඈන්  ෆ්රේසර් ප්‍රයිස්

මිටර 100 සහ මීටර 200 තරඟ බිමේ පෙරලිකරිය වන ඇය 2008 බිජිං සහ 2012 ලන්ඩන් ඔලිම්පික් තරඟ වල දී මීටර 100 වෙනුවෙන් තම ගෙල රනින් සරසා ගන්නේ ජැමෙයිකාව අමන්දානන්දයට පත් කරමිනුයි.එසේම 2017 වසරේ මව් පදවිය ලබන ඇය 2019 වසරේ නැවත ලෝක මලල ක්‍රීඩා තරඟාවලියේ  රන් පදක්කම දින ගන්නේ  බ්‍රිතාන්‍ය ධාවන ශුරිය අෂාර් ස්මිත් දෙවෙනි තැනට පත් කරමිනු යි.

මාරි ජොසී ටා ලොව්

අයිවරි කෝස්ට් රාජ්‍ය යේ වේග  රැජින වන ඇය  වරක් ලෝකයේ අංක 1 කෙටි ධාවන ශුරිය ලෙස ශ්‍රේණි ගත කිරීම් වල රැදී සිටියා.ලෝක මලල ක්‍රීඩා තරඟාවලියේ දෙවරකම් රිදී පදක්කම් දිනා ඇති ඇය දෙවරක් ඔලිම්පික් තරගවලට සහභාගී වී සිව්වැනි  ස්ථානය  දින ගත්  ක්‍රීඩිකාවක්.

මෙවර තරඟාවලියේදී මේ තිදෙනා අතර තියුණු තරඟයක් දැක බලා ගන්නට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදා  වේවි.

පිරිමි මීටර් 100 තරගකරුවන් පිළිබඳව ඊළඟ ලිපියෙන් ඔබට තොරතුරු  ලබා දිමට සුදානම්

The post ඔලිම්පික් පෙරවදන appeared first on | Sri Lanka Hot News.



Source link