January 20, 2022

Ada Rata

All news in one location

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ප්‍රධාන ගැටලුව ?


දැඩි ලෙස විකෘති වූ ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රථමයෙන් හමුවූ දා සිට ඇති ප්‍රධාන ගැටලුවක් වූයේ එය එන්නත්වල ඵලදායී බව කෙරෙහි ඇති කරන ලද බලපෑමයි.

මේ හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සි වාර්තාව මඟින් පරීක්ෂණයක් සිදුකළා.

එමගින් නව ප්‍රභේදයට එරෙහිව එන්නත් කෙතරම් ඵලදායී ද යන්න ගණනය කර තිබෙනවා.

මේසඳහා ඔමික්‍රෝන් රෝගීන් 581කගේ සහ ඩෙල්ටා රෝගීන් දහස් ගණනකගේ දත්ත විශ්ලේෂණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඵලදායීතාවයේ විශාල පහත වැටීමක් සිදුවී තිබෙනවා.

එමෙන්ම ෆයිසර් මාත්‍රා දෙකක් සඳහා සැලකිය යුතු මට්ටමේ ඵලදායීතාව පහත වැටීමක් ඉන් පෙන්නුම්කර ඇති බව සඳහන්.

බූස්ටර් මාත්‍රාවකින් පසුව කොවිඩ් රෝග ලක්ෂණවලට එරෙහිව පෙන්වූ 75%ක් වූ ආරක්ෂාව මෙහිදී පහළ වැටී තිබෙනවා.

මොඩර්නා හෝ ජැන්සන් එන්නත්වල ඵලදායීතාව විශ්ලේෂණය කිරීමට ප්‍රමාණවත් දත්ත පරීක්ෂකයන් නොතිබුණු බව සඳහන්.

දරුණු කොවිඩ් තත්ත්වවලට එරෙහිව එන්නත් තවමත් හොඳ ආරක්ෂාවක් ලබා දෙන බව සඳහන්.

සෑම කෙනෙකුම බූස්ටර මාත්‍රාව ලබා ගත්ත ද එන්නත් ඵලදායීතාව අඩුවීම නිසා තවත් මිලියන ගණනක් රෝගයට ගොදුරුවීමට ඉඩ තිබෙන බව පර්ක්ෂකයන් පවසනවා.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගෙන් ලබාගත් ප්‍රතිදේහවල වෛරසයට එරෙහිවීමේ හැකියාව 40 ගුණයකින් අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා.

ඔමික්‍රෝන් රැල්ල එතරම් බරපතල නොවූවත්, එය ගැටලුකාරී වීමේ හැකියාවක් තිබෙනවා.

විශාල සහ හදිසි රැල්ලක දී, දැනටමත් අවදානමට ලක්ව සිටින සෑම කෙනෙකුටම එකවර රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වීමේ ඉඩකඩක් ඇති විය හැකියි.

සෑම දින දෙකතුනකටම වරක් ඔමික්‍රෝන් රෝගීන් සංඛ්‍යාව දෙගුණ වන බව ද මේ වන විට ගණන් බලා තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq