October 26, 2021

Ada Rata

All news in one location

ඔබේ අම්මගේ මුහුණෙන් කියවෙන සංවේදී කතාව – මව්වරුන්ගේ දිනයේ සමාජ මාධ්‍යයේ වටිනාම Video එක මෙන්න.


අද ලෝක මව්වරුන්ගේ දිනය. ඒ නිසාම අද උදෑසන සිටම සමාජ මාධ්‍ය තුළ මව්වරුන් පිළිබඳව විවිධ තේමා රැගත් වීඩියෝ Share වනු අප දුටුවා.

ඒ අතර තිබූ Social Experiment එකක් රැගත් වීඩියෝවක් පිළිබඳව අපේ අවධානය වැඩිපුර යොමු වුණා. වයස අවුරුද්දක පමණ දරුවන් සිටින අම්මලාගේ එක් දිනයක උදෑසන අවදිවූ විගස ගත් ඡායාරූපයක් සහ රාත්‍රී නින්දට යන අතර ගත් ඡායාරූපයක් මහමඟ හමුවන අයට පෙන්වා ලබා ගත් අදහස් පියාට පෙන්වීමයි මෙම Social Experiment එකේ තිබෙන්නේ.

දවස තිස්සේ කෝටියක් වැඩ කරන මව්වරුන්ගේ මුහුණ උදේ සිට හවස් කාලය වන විට විශාල වශයෙන් වෙනස් වීමකට ලක් වනවා. එයින් ඇය කොතරම් මෙහෙයක් කරනවාද යන්න සියල්ලන්ටම ඔප්පු කොට පෙන්වන අතර මව්වරුන්ගේ මෙහෙය ගැන හරිම විදිහට ලෝකයට පෙන්වා දෙන Video එකක් ලෙස අද මෙය හඳුන්වා දිය හැකියි.

Baby Cherammy ආයතනය විසින් මෙම Video එක ඉදිරිපත් කර තිබුණා. මේ එම වීඩියෝ එකයි.

මීට අමතරව අද දිනයේ සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබුණු තවත් Videos කිහිපයක්…

මෙම සියලු Videos නිෂ්පාදනය කර තිබුණේ Digital Content සහ Digital Writers විසින්.



Source link