November 30, 2021

Ada Rata

All news in one location

ඔබයි ලංකාවේ අවසන් බලාපොරොත්තුව, තම 96 වෙනි ජන්ම දිනයේදී රොනී ද මෙල් සජිත් ට කියයි



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) දින මෙරට සුවිශේෂී දේශපාලනඥයෙකු වූ රොනී ද මෙල් මහතාව එතුමාගේ නිවසේදී හමු විය.

කොවිඩ් වසංගතයත් සමග රටේ දේශපාලන හා ආර්ථික තත්ව වෙනස්ව ඇති අයුර විපක්ෂ නායක වරයා විසින් ද මැල් මහතා මහතා සමග සාකච්ඡාවේ යෙදුණි.

සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වයත් ඒ පිළිබදව තමන් සිදු කරමින් යන දේත් පිළිබඳව රොනී ද මැල් මහතා සමග සාකච්ඡා කළ අතර රොනී ද මැල් මහතා විසින් එහිදී විපක්ෂ නායකවරයා විසින් රටට ඉටුකර ඇති සේවය හා ඉටු කරනු ලබන සේවය ඇගයීමට ලක් කළේය. 

පසුගිය වසර 10 ශ්‍රී ලංකාව පැවතියේ විශාල අවුලක බව සදහන් කළ රොනී ද මැල් මහතා අනාගතයේදී මේ රට නිවැරදි මගක් කරා රැගෙන යාමට හැකියාව ඇති එකම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බව එහිදී අවධාරණය කළේය.

විපක්ෂ නායක වරයා රොනී ද මෙල් මහතාව බැහැදැකීමට යාමට හේතුව වී ඇත්තේ ඔහුගේ 96 වන උපන්දිනයට සුභ පැතුම් එක් කිරීමයි.

1977ජේ.ආර් ජයවර්ධන  ආණ්ඩුවේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොනී ද මැල් මහතා මෙරටට විවෘත ආර්ථිකය හඳුන්වා දීමේ ප්‍රමුඛතමයෙකු ලෙස කටයුතු කළේය. අයවැය වාර්තා 11ක් ඉදිරිපත් කරමින් වාර්තාගත මුදල් අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කර ඇති හෙතෙම මෙරට ප්‍රාදේශීය සංවර්ධන බැංකු ස්ථාපිත කිරීමේ පුරෝගාමියා ද වෙයි.

මෙම අවස්ථාවට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද සහභාගී විය.




Source link