January 19, 2022

Ada Rata

All news in one location

එළැඹෙන සිම්බාබ්වේ තරග සංචාරයේදී මිකීගේ වගකීම ලැබෙන කෙනා හෙළිවේ


එක්දින තරඟ තුනකින් සමන්විත තරඟාවලියක් සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලබන 10 වෙනිදා මෙරටට පැමිණීමට නියමිතයි.

ඒ අනුව එම තරගාවලිය ජනවාරී 16, 18 සහ 21 යන දිනයන් වලදී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එක්දින තරඟ වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ටෙස්ට් තරඟ 23කට සහ එක්දින තරඟ 70කට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් කඩුළු 73ක් සහ එක්දින කඩුළු 76ක් දවා ගත් රුමේෂ් රත්නායක මහතා මෙරටින් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙක්.

ඔහු ඉන්දියාවේ එම් ආර් එෆ් වේග පන්දු පුහුනු ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)

Viber



Source link