January 19, 2022

Ada Rata

All news in one location

එළවළු මිල ගැන පරික්ෂා කිරීමට විශේෂ කණ්ඩායමක්


එළවළු මිල අසාධාරණ ලෙස ඉහළ දැමීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව පරික්ෂා කිරීමට විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙනවා.

මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

එමෙන්ම මෙලෙස විශාල වශයෙන් එළවළු මිල ඉහළ දැමීම හේතුවෙන් අතරමැදියන් විශාල ලාභයක් ලබන බවද ඔහු සඳහන් කළා.

පවතින ආහාර අර්බුදය හමුවේ ගොවීන් කෘෂිකර්මාන්තයෙන් දුරස් වී ඇති බවද එතුමා සඳහන් කළා.

පොහොර නොමැති කමින් බලපෑමට ලක්වූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා කෘෂිරක්ෂණ මණ්ඩලය සමඟ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද ඔහු පැවසුවා. (colombotimes.lk)

Viber



Source link