January 20, 2022

Ada Rata

All news in one location

එළවලු පරිභෝජනය 80% කින් අඩුවෙලා


පාරිභෝගිකයින් විසින් එළවළු පරිභෝජනය සියයට අසූවකින් අතහැර ඇති බවත් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග සැපයුම සියයට අසූවකින් අඩුවී තිබෙන බවත් සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ඊයේ (3 වැනිදා) පැවැසීය.

එළවළු මිලදී ගැනීමට පාරිභෝගිකයන් උනන්දු නොවන්නෙ තොග සහ සිල්ලර වෙළෙඳපළේ එළවළු මිල වැඩීවීම හේතුවෙන් බවද ඔහු පැවැසීය. ඊයේ බෝංචි සහ ලීක්ස් තොග මිල පහළ ගියද, ඉදිරි දින කිහිපයෙදී එළවළු මිල තවදුරටත් ඉහළ යනු ඇති බවද හෙතෙම කීවේය.

රසායනික පොහොර හිඟය හා දේශගුණය අනුව එළවළු මිල සාමාන්‍ය තත්ත්වයට පත්වීමට තව මාස හතරක් වත් ගතවනු ඇති බවත් පාරිභෝගිකයින්ගේ අතමිට සරු වනතුරු වෙළෙඳපල භාණ්ඩ අලවිය මන්දගාමී වනු ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය. දිනකට එළවළු කිලෝ ලක්ෂ දෙකහමාරක් ලැබුණු නුවරඑළිය තොග වෙළෙඳපළට කිලෝ පනස්දහසක්, කිලෝ ලක්ෂ 25ක් පමණ ලැබුණු දඹුල්ල තොග වෙළෙඳපළට කිලෝ ලක්ෂ පහක් සහ කිලෝ ලක්ෂ 20ක් පමණ ලැබුණු මැනිං තොග වෙළෙඳපළට කිලෝ ලක්ෂ හතරක් වශයෙන් සියලුම එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථානවලට එළවළු ලැබීම අඩුවී ඇතැයි ද ඔහු පැවැසීය. උඩරට, පහතරට, වයඹ, ඌව හා යාපනය එළවළු කලාපවලින් තොග සැපයුම අඩුවී ඇති බවද සභාපතිවරයා සඳහන් ක​ළේය.

සුනිල් රූපසිංහ – පල්ලේපොල



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq