October 28, 2021

Ada Rata

All news in one location

එළඹෙන වෙසක් සතියේද රට පුරා සංචරණ සීමා?


එළඹෙන වෙසක් සතියේද රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

දැනට පනවා තිබෙන සංචරණ හෙට (17) උදෑසන අවසන් වූ පසු එළඹෙන සති අන්තයේ නැවත පනවා වෙසක් සතිය ඉකුත්වන තුරුම එය ක්‍රියාත්මක වීමට බොහෝ ඉඩකඩ පවතින බවයි සති අන්ත පුවත්පත්වල සඳහන් වන්නේ.

කෙසේ වෙතත් රජය දැනුම් දුන් පරිදි රාත්‍රී 11 සිට අලුයම 04 දක්වා, මේ මස 31 දින දක්වා රාත්‍රී කාලයේ මුළු දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම හෙට (17) සිට හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව නිවසෙන් පිටවීමට අවස්ථාව හිමිවන අතර එහිදී ද ගමන් කළ හැකි වන්නේ නිවස ආසන්නයේම පිහිටි පාරිභෝගික ස්ථානයක් වෙත පමණයි. (colombotimes.lk)



Source link