October 28, 2021

Ada Rata

All news in one location

එළඹෙන වසර සඳහා පළමු වසරට සිසුන් ඇතුලත් කර ගැනීමේ චක්‍ර ලේඛය අද කැබිනට් මණ්ඩලය හමුවට


එළැඹෙන (2022) වසරේ පළමු ශ්‍රේණියේ පන්තියකට ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව හතළිහක් දක්වා වැඩි කිරීමේ සංශෝධනයද ඇතුළත් පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට අද (17) ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වනවා.

මෙම සංශෝධනයට අමතරව පදිංචිය තහවුරු කෙරෙන ලේඛනවලට අදාළව සහ තවත් සංශෝධන කිහිපයක් මෙවර චක්‍රලේඛයට ඇතුළත් වන බව අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් උපුටා දක්වමින් අරුණ පුවත්පත වාර්තා කර සිටින්නේ. පළමු ශ්‍රේණීයට සිසුන් ඇතුළත් කිරීම සඳහා ලබන මස මුල සිට අයැදුම්පත් කැඳවීමට සැලසුම් කර ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේ.

මීට වසර පහකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයක් අනුව මෙම වසරේ සිට ඉදිරියට පළමු ශ්‍රේණියේ පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහක් වුවත් ජනප්‍රිය පාසල් සඳහා පවතින ඉල්ලුම සලකා බලා එම සංඛ්‍යාව හතළිහක් දක්වා වැඩි කිරීමට පියවර ගත් බව අමාත්‍යාංශය පවසයි.

(මුලාශ්‍ර : අරුණ පුවත්පත)



Source link