December 4, 2021

Ada Rata

All news in one location

එළඹෙන නත්තල ගැන නුවරඑළියේ ගොවීන් කියන දේ


එළඹෙන නත්තල් උත්සව සමයේ වෙළඳපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ලබාදිමට නොහැකි වන බව ගොවීන් පවසනවා.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ නත්තල් සමයේ එලවළු මිල දැනට අධික ලෙස ඉහළ යා හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

නුවරඑළියේ වගා කරන ඇතැම් එලවළු වර්ග වෙළඳපොලේ දක්නට පවා නොලැබෙන තත්ත්වයක් උද්ගත වන බව නුවරඑළිය එලවළු ගොවින් කියා සිටිනවා.

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් කැරට්, ගෝවා. ලික්ස්, අර්තාපල්, සලාද ඇතුළු එලවළු වර්ග කිහිපයක් මේ වන විට වගා කර ඇති බව සඳහන්ත්ල.

නමුත් රසායනික පොහොර සහ කෘෂි රසායනික එලවළු වගාවට එක් නොකිරිම තුල එලවළු වගාවේ අස්වැන්න ඉතිහාසයේ කවරදාකවත් නොවු ආකාරයෙන් අඩු වි ඇති බවත් ඔවුන් පේනවා දෙනවා.

රෝපණය කල ඇතැම් එලවළු වර්ග විනාශ වි ඇති බවද නුවරඑළිය ගොවින් කියා සිටිනවා.

තම එලවළු වගා ගොවිපොලවල් වල දිනකට කම්කරුවන් විශාල පිරිසක් සේවය කල බවත් මේ වන විට ඔහුන්ගේ රැකියාද අහිමි වි තමන්ටද එලවළු වගාව අත්හැර වෙනත් රැකියාවක නිරත විමට සිදු වි ඇති බවද එම එලවළු වගාකල ගොවීන් පවසනවා.

පවත්නා තත්ත්වය මත නුවරඑළිය ප්‍රදේශයේ එලවළු වගා ගොවින් කිහිපදෙනෙකු මේ වන විට එලවළු වගාවෙන් ඉවත් වි ඇති බවද සඳහන්. (colombotimes.lk)

Viber



Source link