November 29, 2021

Ada Rata

All news in one location

එළඹෙන දෙසැම්බර් මාසය වන විට කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්


එළඹෙන දෙසැම්බර් මාසය වන විට කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

දෙසැම්බර් මාසය පුරා පවතින උත්සව සමය හේතුවෙන් එම තත්වය ඇති වනු ඇති බවයි, පුත්තලමේදී මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ.

එලෙස කොවිඩ් ව්‍යාප්තිය වර්ධනය වුවහොත් ඊළග වසරේදී ද කොවිඩ් වසංගත තත්වය සමග ගෙවීමට සිදුවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
(colombotimes.lk)

Viber



Source link