October 27, 2021

Ada Rata

All news in one location

එවරස්ට් කඳුනගින්නෝ සසළ වෙති


නේපාලය මේ වසරේ එවරස්ට් කන්ද නැවත විවෘත කිරීමට තීරණය කළ විට කඳු නගින්නන් ප්‍රීති වූ නමුත් වාර්තාවල දැක්වෙන්නේ ලෝකයේ උසම කඳු මුදුන පවා කොවිඩ් -19 පැතිරීමෙන් ආරක්ෂා නොවන බවයි.
එවරස්ට් හි කිසිදු ආසාදනයක් නොමැති බව නේපාල රජය පැවසුවද, එහි සිටින සමහර කඳු නගින්නන් කොවිඩ් 19 අසාදනය වී ඇති බව වාර්තා කර ඇත.

අප්‍රේල් අග දී එවරස්ට් කඳවුරෙන් පිට වූ නෝර්වීජියානු කඳු නගින්නෙකු වන “අර්ලන්ඩ් නෙස්” තහවුරු කළේ නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නුවර පිහිටි රෝහලකට පැමිණ ඔහු පරීක්ෂණය ට ලක් වූ අතර රෝගය වැලඳී තිබු බව යි.

එසේ ම පෝලන්ත කඳු නගින්නෙකු වන පවෙල් මයිකල්ස්කි ෆේස්බුක් සටහනක් මගින් කියා සිටියේ “මේ වන විටත් පුද්ගලයින් 30 දෙනෙකු බේස් කඳවුරෙන් ඉවත් කර ඇති අතර පසුව පොසිටිව් බව පරීක්ෂා කර ඇති බවයි. කඳු මුදුනේ සිටින අයට ආධාර සපයන ස්වේච්ඡා සංවිධානයක් වන එවරස්ට් ER පවසා ඇත්තේ සමහර කඳු නගින්නන් ඔවුන්ගේ කූඩාරම්වල හුදෙකලා වී ඇති බවයි.නේපාල හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර්. ජෙනරාල් ශාන්තෝෂ් බැලව් පූඩියල් මහතා පැවසුවේ ධවුලගිරි කඳවුරේ පිරිසිදු කරන්නන් තිදෙනෙකු පොසිටිව් බව පරීක්ෂා කර ඇති බවයි. එක් අයෙකු බදාදා ඉවත් කර ඇති අතර කාලගුණය පැහැදිලි වූ වහාම දෙදෙනෙකු ඉවත් කරනු ලැබේ.

නේපාල රජයේ නීති මගින් කඳු නගින්නන්ගේ අවසරයකින් තොරව වෙනත් කඳු නගින්නන්ගේ ඡායාරූප බෙදා ගැනීම වලක්වා ඇත. නමුත් කන්දෙන් තොරතුරු පැමිණීම සීමා කර ඇත.එහි ඇති රහස කුමක් දැයි තවමත් රහසකි.

The post එවරස්ට් කඳුනගින්නෝ සසළ වෙති appeared first on | Sri Lanka Hot News.



Source link