October 26, 2021

Ada Rata

All news in one location

එරාවූර්හි මිනිසුන් දණ ගැස්වූ හමුදා සෙබළුන්ගේ සේවය අත්හිටුවයි



නැගෙනහිර පළාතේ එරාවූර් ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් සාමාන්‍ය ජනතාවට දණගසාගෙන අත් ඔසවාගෙන සිටීමට අණ කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ල වී තිබෙනවා.

මෙසේ දණ ගසාගෙන සිටින පුද්ගලයන්ගේ ඡායාරූප මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

නිරෝධායන නීති හා සංචරණ සීමා උල්ලංඝනය කරමින් මාර්ගවල සැරිසැරූ පුද්ගලයන් පිරිසක් මෙසේ මහමග දණ ගස්වා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් එල්ල වූ විවේචන හේතුවෙන් මෙම සිදුවීමට සම්බන්ධ හමුදා සෙබළුන්ගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට යුද හමුදා බළධාරීන් පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

UN




Source link