January 21, 2022

Ada Rata

All news in one location

එන්නත හදපු රටවලටත් කොරෝනා පාලනය කරන්න බැරිවුනා.. නමුත් අපි පාලනය කලා..


April 10, 2021 at 12:40 pm |

එන්නත හදපු රටවලටත් කොරෝනා පාලනය කරන්න බැරිවුනා.. නමුත් අපි පාලනය කලා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.

අද ලෝකයේම රටවල තියෙන ප්‍රශ්නය බැලුවොත් 90% ම කථා කරන්නේ කොවිඩ් ගැන. මේ වෙනකොට අල්ලපු ඉන්දියාවේ මහා රාශ්ට ප්‍රාන්තය වසා තිබෙනවා. අලුතින් නගර Lock Down කරගෙන යනවා. ලෝකයේ බොහෝ රටවල්වල වැක්සින් හඳුන්වලා දුන්නත් රෝගය පාලනය කරන්න බැරිවෙලා තිබෙනවා. හැබැයි අපේ රටේ කොරෝනා ගැන තිබෙන්නේ මාධ්‍යවල මැද පිටුවේ කොනක විතරයි. අද මාධ්‍යවල Head Line වල තිබෙන්නේ රංජන් රාමණායකගේ මන්ත්‍රිතුමාගේ ප්‍රශ්නයයි. අපි අද කොරෝනා වසංගතය නිවැරදිව පාලනය කරමින්, එන්නතත් හැකි ඉක්මණින් ජනතාව වෙත රැගෙන යාමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒනිසයි අපේ රටේ මාධ්‍යවලින් කොරෝනා ගැන ආණ්ඩුවට චෝදනාවක් නැත්තේ.

රංජන් රාමනායකගේ තත්වය ගත්විට එක සම්පූර්ණයෙන් බොරුවෙන් වහගෙන සිටින්නේ. රංජන් රාමනායක මැතිතුමාට උසාවියෙන් දුන්න නඩු තින්දූවක් තියෙන්නේ. විපක්ෂය කරන්නේ රට නොමග යවන ආකාරයේ වැඩකටයුත්තක් සජිත් ප්‍රේමදාස මහතා සිදු කරන්නේ. රංජන් රාමණායකයේ මන්ත්‍රිධූරය අහෝසි වුණේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එතුමාට දඩුවම නිසා මිස පාර්ලිමේන්තුවට මාස 03 ආවේ නැති නිසා නෙවේ. දැන් මේ සජිත් කරන වැඩ නිසා පාර්ලිමේන්තුවේ පැය 03 ක් 3 ½ කාලයක් නාස්ති කරනවා. මේ ආණ්ඩුව ආවාට පස්සේ තමයි ප්‍රමිතිකාර්යංශය මඟින් තින්දුවක් ගත්තේ මේ පොල්තෙල්වල විෂ කාරක ද්‍රව්‍ය සොයා බලන්න. සොයා බලා කටයුතු කරන ආණ්ඩුව ද වැරදි, අවුරුදු ගාණක් ජනතාවට විෂකාරක කවපු, හිටපු ආණ්ඩුව ද වැරදි? ආණ්ඩුවට විවිධ බේගල් බොරු කතන්දර කියලා ආණ්ඩුවට මඩ ගහන්නේ කොහොමද කියන එකයි විපක්ෂය කරන්නේ. ආණ්ඩුව ජනතාවට විෂ කවන්නේ නැතිව පිරිසිදු ආහාර ද්‍රව්‍ය ලබාදෙන්න කටයුතු කරනවානම් ආණ්ඩු වරදක් කරලා නෑ.

MCC ගිවිසුම, නැගෙනහිර ජැටිය යන මොකක්හරි එකක එල්ලිලා ආණ්ඩුවට මඩ ගහන විපක්ෂයක් අද තිබෙන්නේ. විපක්ෂ නායකතුමා අයථා ලෙස පාර්ලිමේන්තුව පාවිච්චි කිරීම තුළින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ ප්‍රදේශයේ ප්‍රශ්න ගැන කතා කරන්න බැරි වෙනවා. ඔවුනට එයින් අසාධාරණයක් වෙනවා. මේ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේ සාම්ප්‍රදායන්, විධික්‍රම දන්නේ නෑ. රටක් හැටියට ජනාධිපතිතුමාට ඡන්දය දුන්නු නුදුන්නු ජනතාව බලාපොරොත්තු වුණේ System Change එකක්. විපක්ෂය ඒකට විරුද්ධව වෛරයෙන් කටයුතු කරනවා.

අපේ ආණ්ඩුවේ කිසිම කෙනෙක් කාදිනල්තුමාට චෝදනා කරේ නෑ. හරින් ප්‍රනාන්දු මන්ත්‍රිතුමා කාදිනල්තුමාට සහ මේ රටේ හරියට වැඩක් කරන වැඩ කරන නායකයින්ට අපහස කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයෙක් පසුගියදා කාදිනල්තුමාට අපහස කළා. මේක ඉතාමත් නරක තත්වයක්.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ
මාධ්‍ය ම්‍යස්ථානය

0 views



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq