October 18, 2021

Ada Rata

All news in one location

එජාප මන්ත්‍රී ධුරයට රනිල් නම් කරමින් ගැසට් පත්‍රය නිකුත් වෙයි



එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයේදී හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන ලෙස එජාපය පසුගියදා මැතිවරණ කොමිසමෙන් නිළ වශයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව අද රැස් මැතිවරණ කොමිසම ඒ සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99-අ ව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

2020 වසර් ඡන්ද හිමි නාමලේඛනයට අනුව එක් එක් මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් තෝරා පත් කර ගැනීමට නියමිත මන්ත්‍රීන් සංඛ්‍යාව නිශ්චය කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

UN




Source link