October 17, 2021

Ada Rata

All news in one location

“එක්ස්ප්‍රස් පර්ල්” හි දේශීය නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂකට ඇප


පසුගිය මැයි මස 20 වැනිදා ගිනි ගැනිමට ලක්වූ “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ ( සීකොන් සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ ) අධ්‍යක්ෂකවරයෙකු වන අමින්ද හෙට්ටිආරච්චි මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද නියෝග කළා.

ඒ, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

සැකකරුට විදේශ ගතවීම වළක්වමින් නියෝගයක් ද නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා, එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරින්ට යැවීමට ද නියෝග කළා.

ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එලෙස මුදා හැරුණා.(colombotimes.lk)



Source link