October 27, 2021

Ada Rata

All news in one location

එක්ස්ප්‍රස් පර්ල් දේශීය නියෝජිත සමාගමේ ප්‍රධානියා ඇපමත මුදාහරී



කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දමින්ද හෙට්ටිආරච්චි මහතා ඇපමත මුදා හැරීමට අද කොළඹ මහාධිකරණය ත‍ීරණය කළේය. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හෙට්ටිආරච්චි මහතා අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු ඇපමත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා තීරණය කළේය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි. අධිකරණයෙන් නැවත දැනුම් දෙනතුරු විදෙස්ගත වීමද තහනම් කර තිබෙනවා.

මෙම නඩුව පිළිබඳ වැඩිදුර විභාගය ජුලි 01 වැනිදා දක්වා කල්තබා තිබෙනවා.

UN




Source link