October 20, 2021

Ada Rata

All news in one location

එක්ස්ප්‍රස් නෞකාවේ බහාලුම් ඉවත් නොකලොත් තත්ත්වය භයානක වේවි


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මත මේ වන විට පවතින බහලුම් ඉවත් නොකළහොත් සිදුවන පාරිසරික හානිය වඩාත් භයානක විය හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

පසුගිය මස 20 වන දා ඇති වූ ගිනි ගැනීමෙන් අනතුරුව මෙම නෞකාව මුහුදුබත් වූ අතර, එදින සිට මේ දක්වා කාලය තුළ කැස්බෑවන් 50 කට ආසන්න සංඛ්‍යාවකගේ සිරුරු දිවයින පුරා වෙරළ තීර වෙත ගොඩගසා තිබුණා.

මාධ්‍ය හමුවට එක්වූ පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ නෞකාවේ ගින්නේ තාපයෙන් සහ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් කැස්බෑවුන් මිය ගොස් ඇති බවයි.



Source link