October 18, 2021

Ada Rata

All news in one location

එංගලන්තයත් පකිස්ථානු තරඟ සංචාරය අතහැර දමයි




– 21 09 2021
– 10:13
– {{hitsCtrl.values.hits}} views

– ..




ලබන මාසදී පාකිස්තානයේ සිදු කිරීමට නියමිතව තිබූ තරග සංචාරය අවලංගු කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

පාකිස්තාන තරග සංචාරයේ දී එංගලන්ත පිරිමි කණ්ඩායම 20යි 20 තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ අතර, කාන්තා කණ්ඩායම 20යි 20 තරග දෙකකට හා එක්දින තරග 3කට ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි.

“අපගේ ක්‍රීඩකයින්ගේ සහ සහායක කාර්යය මණ්ඩලයේ මානසික හා ශාරීරික සුවතාවය අපගේ ඉහළම ප්‍රමුඛතාවය වන අතර අප දැනට ජීවත් වන කාලය තුළ මෙය වඩාත් තීරණාත්මකයි.” යනුවෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේය.

එංගලන්ත පිරිමි කණ්ඩායම අවසන් වරට පාකිස්තානයේ සංචාරය කර ඇත්තේ 2005 වසරේදී යි.

 





Source link