October 28, 2021

Ada Rata

All news in one location

ඌරන් සුරතුල් සතුන් වූ හැටි


ඌරා කිව්වම සාමාන්‍යයෙන් හිතට එන්නේ ටිකක් පිළිකුල් සහගත හැඟීමක්. හැබැයි ලංකාවේ අපිට ඌරා කියන්නේ පිළිකුල් දෙයක් වුණත් ගොඩක් පිටරටවල් වල බොහොම දෙනෙක් සහ ලංකාවේ සමහර දෙනෙක් ඌරන් සුරතලයට ඇති කරනවා. මේ කියන්න යන්නේ ලෝකෙ ඉන්න කුඩාම ඌරු විශේෂය ගැන.

ඉන්දියාවේ මුම්බායි හිමාලයේ කඳු පාමුල තමයි මේ ඌරන්ව දැකගන්න පුළුවන්. උස තණබිම්වල වඳ වීමේ තර්ජනයට ලක්වෙලා තියෙන මේ ඌරු වර්ගයේ නම පිග්මි හොග්. අඟල් 10ක් පමණ උස බොහොම ලැජ්ජාශීලී, කුඩා සතුන් ජාතියක් වන මේ ඌරන් වර්ගය නේපාලය, භූතානය දේශ සීමා අසල දැක ගන්න පුළුවන්.

කුඩා කෘමි සතුන්, අලවර්ග කමින් ජීවත් වන මේ සතුන් සියවස් ගණනාවක් ජීවත් වුණ වාසස්ථාන කෘෂිකාර්මික භාවිතය සඳහා බිම් සැකසීමේදී විනාශ වෙලා ගියා. අන්න ඒ නිසා තමයි පිග්මි හොග් කියන ඌරන් මේ වෙනකොට වඳවීමේ තර්ජනයට මුහුණ දීලා තියෙන්නේ. සොයා ගැනීමට නොහැකිව අතුරුදන් වෙලා හිටපු මේ ඌරන් විශේෂය නැවත 1971දී සොයාගන්නවා.

ඊට පස්සේ 1990 දී සංරක්ෂකයන් විසින් මේ ඌරන් කිහිපදෙනෙක් අල්ලාගෙන ගිහි අභිජනනය කරනවා. ඉන්පස්සෙ ඒ බෝ කරපු පැටවුන් නැවත වනාන්තර වලට මුදාහැරලා තියෙනවා. මේ භාවිතා කරපු ක්‍රමය ඉතාම සාර්ථක බව තමයි විශේෂඥයින් පවසන්නේ. මේ වෙනකොට සමස්තයක් වශයෙන් පිග්මි හොග් ඌරන් 300ක් 400ක් අතර ප්‍රමාණයක් වනාන්තරවල ඉන්නවා. ඒ වගේම 76 දෙනෙක් පමණ තමන් ළඟ සුරක්ෂිතව තබාගෙන ඔවුන්ගේ ප්‍රමාණය වැඩි කරන්නට උත්සාහ කරනවා.

2008 සිට 2020 දක්වා කාලය තුළ විද්‍යාඥයින් මෙම පිග්මි හොග් ඌරන් 130 ක් පමණ ජාතික උද්‍යාන දෙකකටත් වන ජීවි අභය භූමි දෙකටත් මුදාහැරලා තිබුනා.ඉදිරියට එන අවුරුදු පහ තුළ තවත් මේ වගේම ඌරන් වනාන්තරයට මුදා හරින්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඔවුන් මේ උත්සාහ ගන්නේ වඳවෙමින් යන පිග්මි හොග් ඌරන්ගේ ප්‍රමාණය වැඩි කරමින් ඔවුන් නැවතත් වඳවීමේ තර්ජනයක් බේරාගන්න.

පිග්මි හොග් ඌරන්ගේ විශේෂ වර්ග 17 පමණ ජීවත් වෙනවා. විශේෂම කාරණය තමයි ඒ වර්ග 17ම වඳ වීමේ තර්ජනයට මුහුණ දීල තියෙනවා.

ඉතින් ප්‍රමාණයෙන් කුඩා වුණත් පරිසරය විවිධත්වය පවත්වා ගන්න ඔවුන්ගෙන් විශාල සහයක් ලැබෙනවා. ඒ වගේම ඔවුන් හරිම හුරතල්. ඉතින් සමහර විවිට අපිටත් පුළුවන් වෙයි ගෙදර පිග්මි හොග් ඌරු පැටියෙක්ව ඇති කරන්න. (colombotimes.lk)



Source link