December 4, 2021

Ada Rata

All news in one location

උද්ගෝෂණ කළාට ඩොලර් පහළ වෙන්නෙ නෑ



උද්ගෝෂණ කළ පමණින් ඩොලර් පහළ වී බොරතෙල් ගෙනඒමට හැකි නම් තමන්ද උද්ගෝෂකයන් සමග එකතු වී මහා භාණ්ඩාගාරය ඉදිරියේ ඩොලර් දියව් කියා උද්ගෝෂණ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ නිසා තෙල් සංස්ථා සේවකයන් තෙල් පිරිපහදුව විවෘත කරන්නැයි ඉල්ලා උද්ගෝෂණ කිරීමෙන් කිසිදු ඵලක් නොමැති බවයි ඇමතිවරයා පවසන්නේ.

තෙල් පිරිපහදුව වසා දැමීමට එරෙහිව තෙල් සංස්ථා සේවකයන් පසුගියදා සිදුකළ උද්ගෝෂණය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දැනට ඇති සීමිත ඩොලර් ප්‍රමාණය අත්‍යවශ්‍ය වියදම් සඳහා  භාවිතා කිරීමේ අරමුණින් තෙල් පිරිපහදුව වසා දැමීමට කටයුතු කළ බවත් උද්ගෝෂණ කළ පමණින් බොරතෙල් හෝ බොරතෙල් ආනයනයට අවශ්‍ය ඩොලර් පහළ නොවන බවද ගම්මන්පිල ඇමතිවරයා සඳහන් කරනවා.

බොරතෙල් ආනයනය කර හැකි ඉක්මනින් තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීම තමාගේද අපේක්ෂාව වන බවත් මෙම තත්වය තෙල් සංස්ථා සේවකයන් තේරුම් ගතයුතු බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

UN




Source link