October 28, 2021

Ada Rata

All news in one location

උකස් මධ්‍යස්ථාන අසල දිගු පෝලිම්



අද පෙරවරු 04 ට සංචරණ සීමා ඉවත් කිරීමත් සමග සුපුරුදු පරිදි‍ සාමාන්‍ය ජනතාව එදිනෙදා කටයුතු සඳහා නිවසින් එළියට බැස තිබෙනවා. සෞඛ්‍ය අංශ ඊයේ ප්‍රකාශ කළේ සංචරණ සීමා ඉවත් කළද නිවසින් බැරහැරව යාම හැකිතරම් අවම කරන ලෙසයි. එක් නිවසකින් එකවර උපරිම දෙදෙනෙකු පමණක් පිටතට පැමිණෙන ලෙසද උපදෙස් ලබා දී තිබුණා.

කෙසේ නමුත් එම උපදෙස් නොතකා බොහෝ දෙනා බාහිර සමාජයට පැමිණ ඇති අතර ඇතැම් ව්‍යාපාරික ස්ථාන ඉදිරිපිට අද පෙරවරුවේ සිට දිගු පෝළිම් දක්නට ලැබිණි.

විශේෂයෙන් උකස් මධ්‍යස්ථාන අසල දිගු පෝලිම් දක්නට ලැබිණි. මුල්‍ය ගැටලු හේතුවෙන් බැටකන සාමාන්‍ය ජනතාව සිය කණකර උකස් කර හෝ ගැටලු විසඳා ගැනීමට උත්සාහ දරමින් සිටී.

මේ අතර මාසයකට අධික කාලයක් තිස්සේ වසා දමා යළි අද පෙරවරුවේ විවෘත කළ මත්පැන් හල් ඉදිරිපිටද දිගු පෝළිම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

UN




Source link