October 18, 2021

Ada Rata

All news in one location

ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1,896 වාර්තා වුණ ප්‍රදේශ – බස්නාහිර පළාතෙන් පිට වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිස ගාල්ලෙන්


ශ්‍රී ලංකාවෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,896 දෙන් වාර්තා වුණා.

ඒ අතරින් වැඩි පිරිසක් එනම් 411 දෙනෙකු සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 123ක්.

ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 347ක්ද කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 358 දෙනෙකුද වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ වාර්තාවට අනුව බස්නාහිර පළාතෙන් පමණක් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,116 ක්.

බස්නාහිර පළාතෙන් පිට වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් ඊයේ වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 188ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා. (Colombo Times)



Source link