October 28, 2021

Ada Rata

All news in one location

ඊයේ දැනුම් දුන් ප්‍රදේශ වලට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි


ඊයේ ප්‍රකශයට පත් කළ හුදෙකලා කළ ප්‍රදේශ වලට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක් අද (21) අලුයම සිට හුදෙකලා කර තිබෙනවා.

කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් කලුදමද ,හපුගස්තලාව,වීරපුර,බෙරමණ දකුණ සහ පහලගොරක ඔය යන ප්‍රදේශයි.

මේ අතර දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම සේවා වසම් 24 ක් අද අලුයම 4 සිට හුදෙකලා කළ බව ඊයේ දැනුම්දුන්නා.

දෙමටගොඩ ආරාමය පෙදෙස, 66 වත්ත ප්‍රදේශය ද ඊට ඇතුළත්.

ගම්පහ දිස්ත්‍රික්කයේ හුදෙකලා කළ ප්‍රදේශ වන්නේ යටිහේන, සියඹලාපේවත්ත සහ නාහේනයි.

අම්පාර දිස්ත්‍රික්කයේ නව වලතපිටිය ගම්මානයද හුදෙකලා කළා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ හුදෙකලා කළ ප්‍රදේශ වන්නේ එරාවුර් මීරවෝදි නැගෙනහිර , මීරවෝදී බටහිර සහ මැන්චකෝලායී බදුරිය යන ප්‍රදේශයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ දාපනේ , මුල්ලෙකන්දවත්ත සහ කොට්ටල යන ප්‍රදේශද හුදෙකලා කෙරෙන ප්‍රදේශ අතරට අයත්.

මහවස්කඩුව දකුණ සහ මිනේරිතැන්න සුනාමි ගම්මානය කළුතර දිස්ත්‍රික්කයේ හුදෙකලා කළ ප්‍රදේශ වනවා.

මාතලේ දිස්ත්‍රික්කයේ දෙමදඔය , නිකගොල්ල, නිකගොල්ල උතුර, කිවුලවාඩිය සහ ගුරුවෙල ප්‍රදේශ ද අද අලුයම සිට හුදෙකලා කළා.

යාපනය සාවට්කඩ්ඩු ප්‍රදේශය ද ඊට ඇතුළත්.

අද අලුයම 4 ට හුදෙකලා කළ මරක්කලගම අයත් වන්නේ පුත්තලම දිස්ත්‍රික්කටයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කැරොලිනා වතුයායේ කඩවලවත්ත ද හුදෙකලා කළ ප්‍රදේශ අතර වනවා.

ගාල්ල දිස්ත්‍රික්කයේ බොල්තුඩුව සහ මාතර දිස්ත්‍රික්කයේ පැළෑන දකුණ ද අද අලුයම සිට හුදෙකලා කළා.

මේ අතර දිස්ත්‍රික්ක 12 ක ග්‍රාමසේවා වසම් හා ප්‍රදේශ 82 කට පැනවූ හුදෙකලා තත්ත්වය අද අලුයම 4 ට ඉවත් කෙරුණා.(colombotimes.lk)



Source link