January 27, 2022

Ada Rata

All news in one location

ඉහළ මිලක් යටතේ රජයෙන් ගම්මිරිස් මිලට ගැනීම ඇරඹේ


කුළු බඩු සංස්ථාව මගින් ගම්මිරිස් මිලට ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සුළු අපනයන භෝග ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 800 ක මිලකට මිලදී ගැනීම සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ.

මේ වනවිට ගම්මිරිස් බහුල ලෙස වගා කෙරෙන ප්‍රදේශ වන මීමුරේ හා රත්නපුර කොලොන්න ප්‍රදේශවල එම මිලදී ගැනීම් සිදු කර ඇති අතර ඒ යටතේ මිලදී ගෙන ඇති ගම්මිරිස් ප්‍රමාණය කිලෝග්‍රෑම් 15,000 කට අධික බවයි ඔහු ප්‍රකාශ කළේ.

මීට සමාගාමීව මිලදී ගන්නා ගම්මිරිස් සහන මිලට ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. (Colombo Times)



Source link