December 4, 2021

Ada Rata

All news in one location

ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි



මධ්‍යම කඳුකර ප්‍රදේශයට  ඇඳ  හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ වාන් දොරටුවක්  විවෘත කිරීමට ජලාශභාර ඉංජිනේරුවරුන් විසින් ඊයේ (09) පියවර ගෙන තිබිණි.

ඉහල කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු පහෙන් එකක් මෙසේ විවෘත කිරීමට පියවර ගෙන ඇතැයි ඔවුහු සඳහන් කරති.

ජලාශයේ වාන් දොරටුව  මෙසේ විවෘත කර තැබීම නිසා ඉහල කොත්මලා ජලාශයට පහල ප්‍රදේශයේ කොත්මලා ඔයේ ජලය පරිහරණය කිරීමේදී ඒ පිළිබඳව  අවධානයෙන්  කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ක්‍රිෂාන්තන්




Source link