October 17, 2021

Ada Rata

All news in one location

ඉන්ධන හිගයක්…?


September 11, 2021 at 5:30 pm |

ඉන්ධන හිගයක්…?

ඉදිරියේදී රට තුළ තෙල් හිඟයක් ඇති විය හැකි බව වාණිජ සේවා කර්මාන්ත හා ප්‍රගතිශීලි සේවා සංගමය සඳහන් කරයි.

එහි සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ සෙනසුරාදා ඉරිදාට ඉන්දන බෙදාහැරීම නැවැත්වීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවන බවයි.

වරාය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් සපයන ආයතන වලට ඉන්ධන තබාගත හැකි ධාරිතාවක් ඇති බවත් එනිසා සෙනසුරාදා ඉරිදා තෙල් බෙදා හැරිය යුතු බවත් ඔහු පැවසීය.

මෙම මතයට ඇහුම්කම් නොදී අත්තනෝමතික ලෙස සේවකයන්ගේ අතිකාල කප්පාදුව සිතමින් මෙම තීරණය ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් උපරිම දෙයක් සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා භනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ සපුගස්කන්ද පිරිපහදුව සේවකයන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් මෙරට තුළ තෙල් හිගයක් ඇති වීමට කිසිදු ඉඩක් නැති බවයි.

සෙනසුරාදා හා ඉරිදා දිනවල තෙල් බෙදාහැරීම නතර කිරීමට විරෝධය පළ කිරීම සදහා සේවකයන් විසන් වර්ජනය ක‍්‍රියාත්මක කරනු ලබයි.

5,754 views



Source link