October 28, 2021

Ada Rata

All news in one location

ඉන්දීය සංචාරයේ සියලු තරඟ ඛෙත්තාරාමයේදී


ඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු තරග ආර්.ප්‍රේමදාස (ඛෙත්තාරාම) අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. ලබන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය එක්දින හා විස්සයි20 කණ්ඩායම එක්දින තරග 3කට සහ විස්සයි20 තරග 3කට සහභාගි වේ.

‘දැනට තියෙන තත්ත්වය මත අපිට කිසිම දෙයක් ස්ථීර වශයෙන්ම කියන්න අමාරුයි. ඒත් මේ තරගාවලියට සියල්ල සැලසුම් කරලා ඉවරයි. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතු වගයක් මේ දිනවල කෙරෙනවා. ඒ සියල්ල ජූලි මාසයට කලින් ඉවර වේවි කියලා හිතනවා.’ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒ කාලය වන විට සෞඛ්‍ය අංශයේ මාර්ගෝපදේශ සහ කොවිඩ් නීතිරෙගුලාසිවල සංශෝධනයක් සිදුවන්නේ නම් ඒ අනුව තරගාවලිය පැවැත්වීමටත්, පසුගිය තරගාවලි සාර්ථකව පවත්වමින් ලැබූ අත්දැකීම් පාදක කරමින් වඩාත් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමටත් සැලසුම් කර ඇතැයි ද ඔහු පැවැසීය.





Source link