October 25, 2021

Ada Rata

All news in one location

ඉන්දීය පුහුණුකරු රවී ශාස්ත්‍රිට කොවිඩ් ආසාදනය වෙයි



ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. එංගලන්ත-ඉන්දීය සිව්වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසන්වීමෙන් පසුව, සන්ධ්‍යාවේදී සිදුකළ පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

කෙසේ නමුත් තරගය සඳහා ඉන් බාධාවක් සිදුව නොමැති අතර මේ වනවිට සිව්වැනි දිනයේ ක්‍රීඩාව ආරම්භ වී තිබෙනවා.

රවී ශාස්ත්‍රි මහතා ඔහු රැඳී සිටි හෝටලයේම නිරෝධයනයට ලක්කර ඇති අතර ඔහුගේ සමීපතමයන් ලෙස හඳුනාගෙන ඇති පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන්, පන්දු රැකීමේ පුහුණුකරු රාමක්‍රිෂ්ණන් ශ්‍රීධර් සහ භෞත චිකිත්සක නිටින් පටෙල්ද නිරෝධායනය වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඉන්දීය කණ්ඩායමේ සෙසු සාමාජිකයන් අද පෙරවරුවේ සිදුකළ පරීක්ෂණවලින්ද කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු වීම නිසා ඔවුන් සියලු දෙනා තරගය සඳහා ක්‍රීඩාංගනය වෙත පැමිණියේය.

UN




Source link