October 26, 2021

Ada Rata

All news in one location

ඉන්දීය නාවුක හමුදාව මුහුද මැදදී ශ‍්‍රී ලංකා ධිවරයන්ට දරුණුවට පහර දේ.. මත්ද‍්‍රව්‍ය ඉල්ලා දස වද දෙති.. තිදෙනෙක් රෝහලේ..


June 18, 2021 at 1:20 pm | lanka C news

ඉන්දීය නාවුක හමුදාව මුහුද මැදදී ශ‍්‍රී ලංකා ධිවරයන්ට දරුණුවට පහර දේ.. මත්ද‍්‍රව්‍ය ඉල්ලා දස වද දෙති.. තිදෙනෙක් රෝහලේ..

ඉන්දීය නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් මුහුද මැදදී තමනට පැය ගණනාවක් තිස්සේ ඉතා දරුණු ලෙස පහර දුන්නේ යැයි ශ‍්‍රී ලංකා ධිවරයන් පිරිසක් සඳහන් කරති.

තමන් ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවක මත්ද්‍රව්‍ය ඉල්ලමින් ඉන්දීය නාවික හමුදාව මෙසේ පහර දුන් බව ඔවුන් කියා සිටිති.

මෙසේ පහරකෑමට ලක්වූ ධීවරයන්ට ගත් යාත්‍රා ඊයේ පස්වරුවේ දික්ඕවිට ධීවර වරායට පැමිණ තිබිණි.

පහරදීම් වලින් දරුණු ලෙස තුවාල ලැබූ තිදෙනකු මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම ධිවර යාත්‍රා දෙක පසුගිය මැයි මස 07 වැනිදා මෙරටින් මුහුදු ගොස් ඇති අතර ධිවරයන් සඳහන් කරන්නේය පසුගිය 4 වැනිදා යාත්‍රා දෙකට ගොඩ වූ ඉන්දීය නාවික සෙබළුන් මෙසේ පහර දුන් බවයි.

එමෙන්ම යාත්‍රාවන්හි තිබූ කැමරා උපකරණ ඇතුළු තාක්ෂණික උපකරණ ඉන්දීය නාවික හමුදාවත් කඩා බිඳ දැමූ බවට ද ඔවුන් චෝදනා කරයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ මෙසේ එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

එවන් කිසිදු සිදුවීමක් සිදු නොවූ බවත් තම හමුදාව විනයගරුක සහ වෘත්තීමය හමුදාවක් බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් ඇති විවිධ පාර්ශ්ව අතර ඇතිවී තිබෙන ධීවර ගැටලු සහයෝගයෙන් විසඳා ගැනීමට ඉන්දියාව දැඩිව කැපව සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි.

4,265 views



Source link