October 19, 2021

Ada Rata

All news in one location

ඉන්දීය නාවික හමුදාව ලාංකික ධීවරයන් පිරිසකට පහර දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් සාවද්‍ය වේ



ඉන්දීය නාවික හමුදාව ජූනි 17 වන දින ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසකට පහර දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් සාවද්‍ය වේ. 

එවැනි කිසිදු සිදුවීමක් සිදු වූ බවට වන වාර්තා අපි ප්‍රතික්ෂේප කරමු. ඉන්දීය නාවික හමුදාව තම වගකීම් නිර්දෝශී අයුරින් ඉටු කරන ඉතා විනයගරුක සහ වෘත්තීමය හමුදාවකි. 

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියළු ධීවර ගැටලු, ස්ථාපනය කර ඇති ද්විපාර්ශවීය යාන්ත්‍රණයන් සහ අවබෝධතාවයන් හරහා මානුෂීය ආකාරයකින් විසඳා ගැනීමට ඉන්දියාව දැඩිව කැප වී සිටියි. 




Source link