October 27, 2021

Ada Rata

All news in one location

ඉන්දීය ධිවර යාත්‍රා දෙකක් පුත්තලම වෙරළෙන් හමුවෙයි


දකුණු ඉන්දීය ධීවරයින් පාවිච්චි කරන යාත්‍රා දෙකක් පුත්තලම – සින්නපාඩුව වෙරළට ගොඩ ගසා තිබියදී ප්‍රදේශවාසි ධීවරයින් විසින් සොයා ගෙන උඩප්පුව පොලීසියට බාර දීමට කටයුතු කර තිබෙනවා.

අඩි 30 ක් පමණ දිගකින් යුත් මෙම යාත්‍රාවක් අඩි 06 ක් පමණ පළලකින් යුක්ත වන අතර එහි පිටත ඇන්ජිම සවි කිරීමට හැකිය. එසේ වුවත් යාත්‍රාවන් හමුවන අවස්ථාවේදී එහි එංජින් තිබී නොමැති බවයි ධිවරයින් පැවසුවේ.

දින කීපයක් මුහුදේ මෙම යාත්‍රා තිබෙන්නට ඇති බවට විශ්වාස කරන බවයි ප්‍රදේශයේ ධීවරයින් සදහන් කර සිටින්නේ.



Source link