October 17, 2021

Ada Rata

All news in one location

ඉන්දීය “ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය” ආසාදනයවූවන් හඳුනාගැනීමට කරන දේ


ඉන්දීය “ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය” ආසාදනයවූවන් හඳුනාගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල් ලබා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඊයේ දිනයේ ද විවිධ ප්‍රදේශවල ඇති නිරෝධායන මධ්‍යස්ථාන වලින් සම්පල ලබා ගත් බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ යටතේ විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සිටින නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳි සිටින පුද්ගලයින්ගේ සාම්පල ද ලබාගනු ඇති.

ලබා ගත් සාම්පල පරික්ෂාව සඳහා යොමු කෙරෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටයි.

ඉන්දීය “ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය” ආසාදනයවූවන් හමුවූ දෙමටගොඩ ප්‍රදේශයේ ජනතාව සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් හඳුනාගැනීම ද මේ දිනවල සිදුවනවා.

අදාළ ප්‍රදේශය මේ වනවිටත් හුදෙකලා කර අවසන්. (colombotimes.lk)



Source link