October 26, 2021

Ada Rata

All news in one location

ඉන්දීය කොවිඩ් ප්‍රභේදය කොළඹින් හමුවෙයි



ඩෙල්ටා ලෙස නාමකරණය කර තිබෙන ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මේ වනවිට මෙරටින් හමු වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. මෙම වෛරස ප්‍රභේදය මෙරට තුළ පැතිර ඇති බවට නිශ්චිතවම හඳුනාගෙන තිබෙන්නේ පළමු වරටයි.

ඒ අනුව කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් ඩෙල්ටා වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් 05 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවයි ජීවන්දර මහතා සඳහන් කරන්නේ.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම වෛරස ප්‍රභේදය, බ්‍රිතාන්‍ය ප්‍රභේදය තරම් අධිවේගයෙන් ව්‍යාප්ත නොවන බවයි. දැනට හඳුනාගෙන ඇති පරිදි ඩෙල්ටා වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍ය ප්‍රභේදය මෙන් 50% කට අඩු පැතිරීමේ වේගයක් සහිත වේ.

UN




Source link