November 29, 2021

Ada Rata

All news in one location

ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂ 03 ආසන්නයේ



ඉන්දියාවේ දෛනික වාර්තා වන නව කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 03 ආසන්නයට පැමිණ තිබෙනවා. ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය 294,290 කි. එම අගය එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයයි.

මේ අතර ඊයේ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 2020 ක්ද වාර්තා වී තිබෙනවා. ආසාදිතයන් ඉහළ යාමට සාපේක්ෂව මරණ ප්‍රමාණයද ඉහළ ගොස් ඇති අතර මේ වනවිට එරට බොහෝ රෝහල කොවිඩ් ආසාදිතයන්ගෙන් පිරී ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් රෝහල්වල එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු බැගින් ප්‍රතිකාර ලබමින් සිටින අතර හුස්ම ගැනීමේ අපහසුතාවලින් පෙළෙන රෝගීන්ට අවශ්‍ය යන්ත්‍ර සපයා ගැනීමේ අර්බුදයකට ඉන්දීය සෞඛ්‍ය බළධාරීන් මුහණ දී සිටිනවා.

මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ඊයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එහිදී ඔහු සඳහන් කළේ තත්වය තවදුරටත් අයහපත් වුවහොත් නැවතත් රට සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවන බවයි. කෙසේ නමුත් එය අවසන් පියවර බවත්, මෙතෙක් ඒ සඳහා කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් අගමැතිවරයා අවධාරණය කරනවා. එසේ රටම වසා දැමීමට සිදුවුවහොත් එය ආර්ථිකමය වශයෙන් දැඩි බලපෑමක් සිදු කරන බැවින් ඊට මෙහා ගතහැකි සියලු පියවර ගන්නා බවද මෝඩි මහතා පවසනවා.

රටම වසා දැමීමකට නොගොස් පවත්නා තත්වය පාලනය කර ගැනීම රජයේ මෙන්ම රටේ ජනතාවගේද වගකීම බව පෙන්වා දෙන ඉන්දීය අගමැතිවරයා පවසන්නේ ඒ තත්වය සමනය කර ගැනීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ජනතාව උපරිම සහයෝගය ලබාදෙනු ඇතැයි බල‍ාපොරොත්තු වන බවයි.

UN




Source link