October 25, 2021

Ada Rata

All news in one location

ඉන්දියාවෙන් ගෙනා කේරල ගංජා මහ තොගයක් අල්ලයි…


September 22, 2021 at 6:59 pm | lanka C news

ඉන්දියාවෙන් ගෙනා කේරල ගංජා මහ තොගයක් අල්ලයි…

ඉන්දියවෙන් රැගෙන එන ලද රුපියල් මිලියන 68 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 228 ග්‍රෑම් 100ක්  මන්නාරම නරිවිල්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි

උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් විසින් නරිවිල්කුලම් මුහුදු වෙරලේදී පාමුර සංචාරයකදී අතහැර දමා තිබූ අදාල කේරල ගංජා තොගය සොයාගනු ලැබීය.

මෙම කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන කේරල ගංජා පවත්නා නිරෝධායන නීති අනුව ගිනිතබා විනාශ කිරීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,717 views



Source link